රාජ්‍ය සේවය අඛන්ඩව පවත්වාගෙන යන්න පෙර චක්‍රලේඛ යොදා ගන්නැයි උපදෙස්
Thursday, 29 October 2020 - 8:11 | Views - 629
රාජ්‍ය සේවය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි සියලු රාජ්‍ය ආයතන ප්‍රධානින් වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජයේ ආයතන ප්‍රධානීන් වෙත අනුගමනය කළ යුතු උපදෙස් ඇතුළත් කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් පසුගිය අප්‍රේල් 18 වැනිදා නිකුත් කළ චක්‍රලේඛය සහ මැයි 14 නිකුත් කළ චක්‍රලේඛය වෙත අවධානය යොමුකරන ලෙසයි.

එම චක්‍රලේඛවල සඳහන් වන්නේ කාර්යාලයට ප්‍රවේශවීමට පෙර අත් පිරිසිදු කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයිය යුතු අතර, රජයේ වියදමින් මුඛ ආවරණ, සනීපාරක්ෂක සේදුම් දියර ලබාදීම සඳහා වැඩපිලිවෙලක් යෙදිය යුතු බවයි.

එමෙන්ම, අවශ්‍ය වන්නේ නම් අත්වැසුම් සැපයීමටද, විෂබීජහරණ කුටි ස්ථාපිත කිරීමටද කටයුතු කළ යුතු බව එහි දැක්වෙනවා.

කාන්තා නිලධාරිනියන් සඳහා සාරිය හෝ ඔසරිය ඇඳීම අනිවාර්ය නොවන අතර, පිරිමි මාණ්ඩලික නිලධාරීන් ටයිපටිය පැළඳීම අනිවාර්ය නොවන බවද අදාළ චක්‍රලේඛයේ සදහන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top