යුද හමුදාපතිවරයාට එරෙහි ඇමරිකානු තහනම යළි ඇගයීමකට
Wednesday, 28 October 2020 - 15:23 | Views - 572
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය පනවා ඇති සංචාර තහනම යලි ඇගයීමකට ලක් කරන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා අද උදෑසන ජනාධිපති කාර්යාලයේදී විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමග ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ අදාළ තහනම ඇමරිකානු නීතිමය ක්‍රියාවලියේ කොටසක් බවයි.
එය සත්‍ය ලෙස සහ නීත්‍යානුකූලව නිවැරදි ද යන්න සහතික කරලීමට එය යළි ඇගයීමට ලක් කරන බව ඔහු ප්‍රකාශ කළේ මාධ්‍ය වෙතින් නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.
ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා අද උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද මුණ ගැසුණු අතර ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ආරක්ෂක සහයෝගිතාව වර්ධනය කරලීම පිලිබඳව ද සාකච්ඡා කළා.
Share This Article