දරුවන්ට අසභ්‍ය වීඩියෝ පෙන්වන යූ ටියුබ් කිහිපයක් හඳුනාගැනේ
Wednesday, 28 October 2020 - 14:55 | Views - 963
කොවිඩ් තත්ත්වය හමුවේ ඇතැම් යූටියුබ් චැනල් මෙහෙයවන්නන් දරුවන් ඉලක්ක කරගෙන අසභ්‍ය වීඩියෝපට නැරඹීමට අවස්ථාව ලබාදී ආදායම් ඉහළ නංවා ගැනීමට කටයුතු කරන බව පෙනී යනවා යැයි ශ‍්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මහතා ඊයේ (27) පැවසීය.
 
 මේ දිනවල දරුවන් බොහෝ ප‍්‍රමාණයක් නිවෙස්වල සිටින අතර, ඒ හේතුවෙන් බොහෝමයක් දරුවන් ඉගෙනුම් ක‍්‍රියාවලියෙන් සහ වෙනත් පරිබාහිර කටයුතු සිදුකර ගැනීමට වැඩි වශයෙන් අන්තර්ජාලය භාවිත කිරීමට යොමුව තිබෙන බව ද ඒ මහතා කීය.
 
 මෙය අවස්ථාවක් කරගනිමින් ඇතැම් යූටියුබ් මෙහෙයවන්නන් ආදායම් ඉහළ නංවා ගැනීමට අසභ්‍ය සිංහල වීඩියෝපට බොහෝමයක් මුදාහැර තිබෙන බව පෙනි යන බව නිරීක්‍ෂණය වූ බව ද ඒ මහතා අවධාරණය කර සිටියේය.
 
 මෙලෙස ළමුන් ඉලක්ක කර ගනිමින් අසභ්‍ය අන්තර්ගතයන් යූටියුබ් වෙබ් අඩවියට මුදාහරින යූටියුබ් නාලිකාවන් නවයක් මූලික වශයෙන් හඳුනාගැනීමට ශ‍්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ සංගමයට හැකිව තිබෙන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා
දිවයින
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top