තාවකාලිකව වැසුණු මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් යළි බස් ධාවනය ඇරඹේ
Wednesday, 28 October 2020 - 12:57 | Views - 551
තාවකාලිකව වැසුණු මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් යළි බස් ධාවනය ඇරඹේ

හෝමාගම පොලිස් බල ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ ඇදිරි නීතිය පැනවීමත් සමඟ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමුණා.

මේ හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා ගමන් කිරීමට පැමිණි මගීන් අපහසුතාවයට පත්වූ අතර එහිදී මගියෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර උණුසුම් සංවාදයක් ඇතිවුණා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගමනාගමන අධිකාරියේ සභාපති නීතිඥ කිංස්ලි රණවකගෙන් හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළ අතර, එහිදී ඔහු කියා සිටියේ මේ වනවිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා ගමන් ගන්නා බස් ධාවනය යළි ආරම්භ කර ඇති බවයි.

මේ අතර, දැනට ඇඳිරි නීතිය ක්‍රියාත්මක ගම්පහ දිස්ත්‍රික්කයේ නව ආසාදිතයන් වාර්තා නොවන ඇතැම් ප්‍රදේශවල නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමේ හැකියාව පවතින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

අද උදෑසන හිරු ටී.වී. ඔස්සේ විකාශනය වූ පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

මේ අතර, අද උදෑසන 6 න් අවසන් වූ කාලසීමාව තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් 46 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ ඇදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාවට භාණ්ඩ මිලදී ගැනීම සඳහා දැනටමත් දින දෙක බැගින් වෙන් කර ඇති බවයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top