මල්ලි, අයියාට පිහියෙන් ඇන වාහනයකට පැන දිවි නසා ගනී- මවත් ඇඳ යට මිය ගිහින්
Wednesday, 28 October 2020 - 9:22 | Views - 1,384

මල්ලී විසින් තම අයියාට පිහියෙන් ඇන අනතුරුව අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබු ලොරියකට පැන දිවි නසාගෙන ඇති බවත් එම සිදුවීම පිළිබඳව පරීක්ෂණය සිදු කිරීමේදී ඔවුන් දෙදෙනාගේ මවද නිවසේ ඇඳක් යට මිය ගොස් සිටිනු සොයා ගත් බවත් මතුගම පොලිසිය පවසයි.
මතුගම පොලිස් වසමේ නවුත්තුඩුව අලුත්ගම්ගොඩ ප්‍රදේශයෙන් පසුගිය 27 වනදා රාත්‍රී 11.00 ට පමණ මෙම සිදුවීම වාර්තාවී ඇත.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 39/4 කිලෝමීටර් කණුව ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියයාම පිළිබඳව අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාශයේ නිලධාරීන් විසින් සිදුකල පරීක්ෂණයෙදී මේ බව හෙළිවී ඇත.
රිය අනතුරට ලක්වූ පුද්ගලයා අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබු ලොරි රථයකට පැනීම නිසා සිදුවූ අනතුරෙන් මියගොස් ඇති අතර මෙසේ මියගොස් ඇත්තේ නවුත්තුඩුව ,අලුත්ගම්ගොඩ ,පදිංචි අයෙකි.
මෙම මියගිය පුද්ගලයා විසින් නිවස තුලදීම පිහියකින් ඇනීම නිසා බරපතල තුවාල ලබා සිටි ඔහුගේ වැඩිමහල් සොහොයුරාව අසල්වැසියන් විසින් නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුව ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේ රඳවා ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසන 37 හැවිරිදි මෙම පුද්ගලයා මෙසේ තුවාල ලබා ඇත.
අධිවේගී මාර්ගයේ අනතුරින් මියගිය පුද්ගලයා සතුව තිබු හැඳුනුම්පත අනුව පොලිස් නිලධාරීන් ඔහුගේ නිවසට පැමිණ පරීක්ෂා කිරීමේදී එම දෙදෙනාගේ මව නිවසේ ඇඳක් යට මියගොස් සිටියදී සොයාගෙන තිබේ.
මෙම මරණ පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබු අතර මතුගම මුලස්ථාන පොලිස් පරීක්ෂක පරාක්‍රම උඩවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
බන්දු තඹවිට
ලංකාදීප
Share This Article