කොරෝනා අවදානම හමුවේ පාස්කු කොමිසමේ වැඩකටයුතු තාවකාලිකව අත්හිටුවයි
Wednesday, 28 October 2020 - 8:24 | Views - 304
කොරෝනා අවදානම හමුවේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වැඩකටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

මොරටුව, පානදුර උතුර සහ පානදුර දකුණ මෙන්ම හෝමාගම යන පොලිස් බල ප්‍රදේශ සඳහා ඊයේ රාත්‍රියේ සිට නැවත දැනුම්දෙනතුරු නිරෝධායන ඇදිරි නීතිය පනවනු ලැබුවා.

පවතින කොරෝනා ව්‍යාප්ති අවදානම සැලකිල්ලට ගනිමින් මෙලෙස ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කළ බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ 68 කට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

මේ අතර, ඇඳිරිනීතිය පැනවූ ප්‍රදේශ අනුව අත්‍යාවශ්‍ය භාණ්ඩ මෙන්ම ඖෂධ අලෙවිසැල් විවෘතව තබන දිනයන් හා වේලාවන් සම්බන්ධයෙන්ද යුද හමුදාපතිවරයා විශේෂ දැනුම් දීමක් සිදුකළා.

ඒ අනුව, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කයන් හි සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනවල පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වා වෙළඳසැල් විවෘතව තැබෙනවා.

එසේම, කොළඹ සහ කුරුණෑගල නිරෝධායන ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල ඖෂධ අලෙවිසැල් හා අත්‍යාවශ්‍ය ආහාර අලෙවිසැල් අඟහරුවාදා සහ සිකුරාදා උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා විවෘත කළ හැකියි.  

මේ අතර, බස් රථවල ගමන් ගන්නා මගීන් පිළිබඳව තොරතුරු රැස් කිරීමේ පහසුව සඳහා බස් ඇතුළත එහි අංකය පැහැදිලිව ප්‍රදර්ශනය කරන ලෙස ශ්‍රී ලංගම හා පෞද්ගලික බස් රථ හිමියන්ගෙන් පොලීසිය ඉල්ලා සිටිනවා.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය හරහා වාර්තා වූ කොරෝනා ආසාදිතයින් රැසක් පොදු ප්‍රවාහන සේවාවල ගමන් කර ඇතැයි තොරතුරු වාර්තා වීම මීට හේතුවයි.

එසේම, නිරෝධානයට ලක් වන පුද්ගලයින් සහිත නිවෙස්වල සෞඛ්‍ය බලධාරින් අලවන දැන්වීමට අමතරව, තවත් දැන්වීමක් ඇලවීමට කටයුතු කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මේ අතර, කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් බස් රථ කර්මාන්තයට සිදුවී ඇති බලපෑම සැලකිල්ලට ගනිමින් කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම සඳහා අවධානය යොමුව ඇති බවයි බස් රථ ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top