යහපාලන රජයේ දේශපාලන හිතවතුන් ලබාගත් ණය ගෙවා නැහැ
Wednesday, 28 October 2020 - 8:18 | Views - 411
අගමැති නියමයෙන් පත් කළ, යහපාලන රජය සමයේ රාජ්ය බැංකුවල සිදුවූ අයථා ක්රියා පිළිබඳ සොයන කමිටුව විසින්, එවකට දේශපාලන හිතවතුන් ලබා ගත් ණය ගෙවා හැරීම පැහැර හැර ඇති බවට තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා.
ඒ අනුව, එවක ඇතැම් දේශපාලනඥයන්ගේ හිතවතුන් රජයට අයත් සියලු බැංකුවලට ගොස් ණය අයදුම්කර ඒවා නිසි ක්රමවේදයකින් තොරව ලබාගෙන ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
එමෙන්ම, රාජ්ය බැංකුවලට අයත් ඇතැම් දේපල අත්තනෝමතික ලෙස විකුණා දමා ඇති බවට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් ද කමිටුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මේ වනවිටත් එම කමිටුවට පැමිණිලි 200 කට වැඩි ප්රමාණයක් ලැබී ඇති බවයි අග්රාමාත්ය කාර්යාලය සඳහන් කළේ.
2015 ජනවාරි 8 වනදායින් පසු ප්රධාන රාජ්ය බැංකු 04 ක සිදුවූ අක්රමිකතා සෙවීම සඳහා අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ විසින් මෙම සිව් පුද්ගල කමිටුව පත් කරනු ලැබුවා.
Share This Article