කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම පිළිබඳව සලකා බලා ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයන් ලබාගෙන ඇති සියලුම වර්ගයේ වීසා බලපත්‍රවල වලංගු කාලය දෙසැම්බර් 5 වනදා තෙක් දීර්ඝ කර තිබෙනවා.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ වීසා දීර්ඝ කිරීමට අදාළව වීසා ගාස්තු ගෙවීම හා වීසා ගමන් බලපත්‍රයේ පිටසන් කර ගැනීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය ඉදිරියේදී දැනුම් දෙන බවයි.
එමෙන්ම, මෙම කාලය තුලදී දිවනෙන් බැහැර වීමට අදහස් කරන්නේ නම් වීසා දීර්ඝ කිරීමට අදාළ වීසා ගාස්තු පමණක් ගුවන්තොටුපල වෙත ගෙවා දිවයිනෙන් බැහැර වී යා හැකියි.
එහිදී කිසිදු දඩ මුදල් අය නොකරන බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.