සම්මත වූ 20, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට
Tuesday, 27 October 2020 - 14:05 | Views - 316
පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත වූ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙනවා.
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ නිරීක්ෂණයන්ගෙන් අනතුරුව ඉදිරි දින කිහිපයේදී එය යළි පාර්ලිමේන්තුව වෙත ලැබීමට නියමිත බවයි.
පසුව, කතානායකවරයා මේ සතිය තුළ ඊට සිය අත්සන යොදනු ඇති බව ද, පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.
තුනෙන් දෙකක බහුතර බලයකින්, සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී පසුගිය 22 වනදා මෙම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත වූ අතර, දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 156 ක් ලැබී තිබුණා.
එහිදී විපක්ෂව ලැබුණේ ඡන්ද 65ක් පමණයි.
Share This Article