නිරෝධායනයට බිය නොවන්න
Tuesday, 27 October 2020 - 13:58 | Views - 2,443
ඉදිරියේදී රෝග ලක්ෂණ නොමැති කොරෝනා ආසාදිතයින් රෝහලක් නොවන ප්‍රතිකාර මධ්‍යස්ථානයක රඳවා තබාගෙන අවශ්‍ය කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේ නිවාස ආශ්‍රිතව නිරෝධායනය වීම සම්බන්ධයෙන් ජනතාව අනිසි බියක් ඇතිකර ගත යුතු නොමැති බවයි.

එමෙන්ම, ආසාදිතයින්ගේ සිටින ස්ථානවල වාතය හරහා වෛරසය ව්‍යාප්තවීමක් සිදුනොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල්, හිරු ටී.වී. පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින්, පී.සී.ආර්. පරීක්ෂණ වෙනුවට නව පරීක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වාදීමට පවතින සූදානම පිළිබඳව අදහස් පළ කළා.

මේ වනවිට මෙරටින් කොරෝනා ආසාදිතයින් 8,413 ක් වන අතර, ඊයේ දිනය තුළ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 541 ක්.

ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් කොළඹ මහ නගර සභාවට අයත් පරිපාලන බල ප්‍රදේශවලින් වාර්තා වනවා.

එම සංඛ්‍යාව 77 ක්.

කැලණිය ප්‍රදේශයෙන් සහ ජාඇල ප්‍රදේශයෙන්ද ආසාදිතයින් 74 බැගින් වාර්තා වුණා. ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 52 ක් වන අතර, බියගම ප්‍රදේශයෙන් ඊයේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 63 ක්.

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් අතරින් තවදුරටත් පුද්ගලයින් 4,464 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 3,933 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

එසේම, මේ වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 75 ක් තුළ පුද්ගලයින් 8,090 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වන අතර, පුද්ගලයින් 57,814 ක් නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් තිබෙනවා.

දිවයින තුළ මෙතෙක් සිදුකර ඇති පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව හාරලක්ෂ 60,455 ක්.

මේ වනවිට කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 167 දෙනෙකු වාර්තා වී ඇති බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය තමර කළුබෝවිල ප්‍රකාශ කළා.

ඒ අතර බේරුවල ප්‍රදේශයේ 33 දෙනෙකු සහ කළුතර 17 දෙනෙකු සිටිනවා.

එසේම, කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමඟ වසා දැමුණු බේරුවල ධීවර වරායේ ට්‍රෝලර් යාත්‍රාවල තිබූ මත්ස්‍ය අස්වැන්න නිදහස් කරගැනීමට ධීවරයින්ට අද අවස්ථාව ලබා දුන්නා.

මේ අතර, ගාල්ල ධීවර වරාය ඇතුළු නගරය ආශ්‍රිත ධීවරයින් 538 දෙනෙකුගේ ලබාගත් ජෛව සාම්පලවලට අදාළ පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල ලැබී ඇති අතර, එහිදී කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බවයි එමඟින් තහවුරු වී ඇත්තේ.

එසේම, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සමඟ සබඳතා පැවැත්වූ මඩකලපුව දිස්ත්‍රික්කයේ 36 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඔවුන්ගේ ආශ්‍රිතයින් 500 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවයි මඩකලපුව දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ.

වේල්ල වීථිය පොලිසියේ භෝජනාගාර පාලකවරයාට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ එහි නිලධාරීන් 12 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා.

මේ අතර, නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස, කළුබෝවිල රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පත්කර තිබෙනවා.

මෙතෙක් වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ එස්. ශ්‍රීධරන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැලසුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කෙරුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top