රෝග ලක්ෂණ මතු නොවන කොරෝනා ආසාදිතයින් ගැන කැබිනට් මණ්ඩලය ගත් තීරණය
Tuesday, 27 October 2020 - 12:48 | Views - 1,682
ජනජීවිතය අකර්මන්‍ය නොකොට රට ඉදිරියට ගෙන යාමේ වගකීම රජය නිවැරදිව ඉටු කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිට්යේය.
පළමු අවස්ථාවට වඩා කොරෝනා ආසාදිතයින් සහ වෛසරය ව්‍යාප්ත වීමේ ඉහළ ප්‍රවණතාවක් පවතින බවත් අවස්ථානුකූලව සංචරණ සීමා පැනවීමට රජය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා කියාසිටියේය.
කොරෝනා ආසාදිතයින් සඳහා රෝහල් තුළ ඇඳන් 5000ක ධාරිතාවක් පවතින් බවත් මේවන විට එම ධාරීතාව ඉක්මවා යාමට ආසන්න වී බවත් ඒ අනුව ඉදිරියේදී රෝග ලක්ෂණ මතු නොවන කොරෝනා ආසාදිතයින් නිරෝධායන මධ්‍යස්ථාන සහ වෙන්කොට ගත් පුද්ගලික හෝටල් තුළ වෛද්‍ය අධීක්ෂණය යටතේ රඳවා තැබීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මව්බිම
Share This Article