පාස්කු කොමිසමේ වාර්තාවෙන් පසු ආරක්ෂක ක්ෂේත්රයේ වෙනසක්
Tuesday, 27 October 2020 - 10:40 | Views - 337
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ලැබුණු පසු රටේ ආරක්ෂක ක්ෂේත්රයේ පූර්ණ වෙනසක් සිදුකිරීමට රජය බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළා.
ඒ කොළඹ ඊයේ(26) පැවති මාධ්‍ය හමුවකදීයි.
එහිදී අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ මෙම ප්‍රහාරයේ වගකීම කවුරුන් අතට පැවරුණද, ඒ සියලු පුද්ගලයින්ට තරාතිරම නොබලා දඬුවම් ලබාදීමට වත්මන් රජය නොපැකිලව කටයුතු කරන බවයි.
Share This Article