සඳේ නිසැකවම ජලය පවතිනවා- නාසා ආයතනය කියයි
Tuesday, 27 October 2020 - 9:06 | Views - 523
පෘථිවියේ එකම ස්වභාවික චන්ද්‍රිකාව ලෙස සැලකෙන සඳෙහි නිසැකවම ජලය පවතින බව තහවුරු වී ඇතැයි අමෙරිකානු නාසා ආයතනය ප්‍රකාශ කළා.

ඒ, සඳ පිළිබඳ දිරිගන්වන සුළු සොයා ගැනීමක් හෙළිදරව් කරන බවට මීට දින කිහිපයකට පෙර ඉඟි කිරීමෙන් අනතුරුවයි.

සඳ මතුපිට චන්ද්‍ර ආවාට තුළ අණුක ජලය පවතින බවට මීට පෙර අනාවරණ වී තිබුණා.

නව සොයා ගැනීම වන්නේ සඳ මතුපිටද එලෙස අණුක ජලය සහිත කලාප පවතින බවයි.

මෙම සොයා ගැනීම නාසා ආයතනයේ ගොඩාඞ් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ පැවැත් වූ මාධ්‍ය හමුවේදී අනාවරණ කෙරුණා.

මෙය සඳ මතුපිට ස්ථිර පර්යේෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා විශේෂයෙන් වැදගත් වන සොයා ගැනීමක් ලෙසයි සැලකෙන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top