රිජ්වේ ආර්යා රෝහලේ වෛරසය ආසාදනය වූ කුඩා දරුවන් 7 දෙනෙක්
Monday, 26 October 2020 - 14:26 | Views - 429
රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොරෝනා වෛරසය ආසාදනය වූ කුඩා දරුවන් 7දෙනෙකු සහ මව්වරුන් තිදෙනෙකුට වාර්තා වන බව රෝහල් අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය පී. විජේසූරිය ප්‍රකාශ කළා.
හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී රෝහල් අධ්යක්ෂවරයා සඳහන් කළේ පසුගිය 24 වනදා සිට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී මෙම කොරෝනා වෛරස් ආසාදිතයින් හමුවූ බවයි.
මීට පෙර ද එම රෝහලෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ කුඩා දරුවන් දෙදෙනෙකු සහ පියෙකු හඳුනා ගනු ලැබුවා.
Share This Article