ලොවම හඬවමින් සුපිරි ක්‍රීඩකයා සියල්ලට සමුදී පිටියෙන් බැස යයි - [Photos]
Monday, 26 October 2020 - 14:19 | Views - 373
UFC නොහොත් Ultimate Fighting Championship කියන්නේ ලෝකයේ බොහෝ  දෙනාගේ අවධානය මෙන්ම ආකර්ෂණය දිනා ගැනීමට සමත්වූ අපුරු ක්‍රීඩාවක්.

මුදල් මත මෙන්ම දක්ෂතාවය මත පදනම් වූ මෙම අපුරු ක්‍රීඩාවහි යෙදෙන සුපිරි ක්‍රීඩකයින්  බොහෝ නරඹන්නන්ට දැඩි කුතුහලයක් ගෙන එනවා සේම, නිරන්තරයෙන්ම ඔවුන්ගේ ආදරයටද පාත්‍ර වෙනවා .

මෑතකදී මෙම ක්‍රීඩාව බොහෝ දෙනකුගේ කතාබහට ලක්වන්නට පටන් ගන්නවා. ඒ වෙන කිසිවෙකුත් නිසා නොවෙයි . එනම් සුපිරි ක්‍රීඩක Khabib Nurmagomedov නිසාවෙනි . UFC ක්‍රීඩාවේ ජනප්‍රියතම දක්ෂතම මෙන්ම බොහෝ ක්‍රීඩකයින්ට හිසරදයක්ද වූ මෙම සුපිරි තරුව UFC ක්‍රීඩාවට සමුදීමට තීරණය කිරීමත් සමඟයි . ඔහුගේ සමුදීමේ ප්‍රකාශය නිකුත් වීමත් සමග තම රසික රසිකයින්ගේ මෙන්ම ක්‍රීඩාවේ නියතුවූ සැම ක්‍රීඩකයෙක්ම මවිතයට පත්වූ බවටයි සදහන් වන්නේ . තම ආදරණිය පියාණන්ගේ මරණයෙන් පසුව අවසන් තරඟය ක්‍රීඩා කල මෙම අසහාය ක්‍රීඩකයා එම මොහොතේ සමස්ථ ලෝකයම තිගැස්සමකට පත් කල බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ .

කෙසේවෙතත් තම නික්ම  යාම පිලිබදව කබිබ් පවසා තිබෙන්නේ මෙවන් අදහසක් .

"අද, මෙය මගේ අවසාන සටනයි,. "මගේ පියාණන් නැතිව මම නැවත පැමිණෙන්නේ නැහැ " යනුවෙනි .

එමෙන්ම තම පියාණන් ගැන වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පවසා තිබෙන්නේ මෙවන් අදහසක්

"අල්ලාහ් ඔබ සමඟ සිටින විට කිසිවෙකුට ඔබව බිඳ දැමිය නොහැක. මට ගුරුහරුකම් කල ඔබහට ඒ සියලු දේ වෙනුවෙන් මම සදා ණයගැතියි මෙන්ම ඒ සෑම  දෙයකටම ස්තුතියි " යනුවෙනි .

එමෙන්ම ඔහු තම මවටද පොරොන්දුවක් වී තිබෙන අතර ඒ පිලිබදව වැඩිදුරටත් සදහන් වන්නේ මෙවන් ප්‍රකාශයක් .

ඇයට තම සැමියා නොමැතිව මම තරඟ බිමෙහි දක්නට  අවශ්‍ය නැත. නමුත් මම ඇයට පොරොන්දු වුනා  මෙය  මගේ අන්තිම සටන වනු ඇති බවට" "මම මගේ වචනය දුන්නොත්, මම මෙය අනුගමනය කළ යුතුයි."කෙසේවෙතත් තම පියා නොමැතිව සටන් කල මෙම අවස්ථාව  ඔහුගේ පළමු අවස්ථාවද වන  බවට ඔහු පැවසීය.

සුපිරි ක්‍රීඩක කබිබ්ගේ පියා ඔහුගේ පුහුණු කරුද වන අතර ලොව දරුණුතම වසංගතයක් වූ කොරෝනා වසංගතයට ගොදුරු වී පසුගිය ජුලි මාසයේ ජිවිතක්ෂයට පත්ව තිබෙන බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ.

Khabib Nurmagomedov announces his retirement following emotional victory  over Justin Gaethje in UFC 254 main event - MMA Fighting



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top