පේරාදෙණිය විශ්වවිද්‍යලයේ 24හැවිරිදි සිසුවෙකු දියේ ගිලී මරුට
Monday, 26 October 2020 - 7:54 | Views - 670
බලන්ගොඩ බොල්තුබ ගඟේ, අලියා වැටුණු වළේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා.
එලෙස මිය ගොස් ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යලයේ පළමු වසර ඉගෙනුම ලබන 24 හැවිරිදි තරුණයෙක්.
ඔහු තවත් පරිසක් සමඟ ඊයේ (25) සවස දිය නෑමට ගොස් ඇති අතර එහිදී දියේ ගිලී ඇති බවයි පොලීසිය පවසන්නේ
මියගිය තරුණයා බලන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.
පශ්චාත් මරණ පරික්ෂණය සඳහා ඔහුගේ සිරුර බලන්ගොඩ මුලික රෝහලට රැගෙන ගොස් ඇති අතර පින්නවල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
Share This Article