ශ්‍රී ලංකාවේ 16වන කොරෝනා මරණය වාර්තා වෙයි
Sunday, 25 October 2020 - 23:20 | Views - 1,164
ශ්‍රී ලංකාවේ 16 වන කොරෝනා මරණය වාර්තාවී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 70 හැවිරිදි අයෙක්.
අද අලුයම ජාතික රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති අතර සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා කියාසිටියේ එම පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වී ඇති බවයි.
මියගිය පුද්ගලයා කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු පසුගිය 23 වනදා රුධිරයට විෂබීජයක් ඇතුලුවීම හේතුවෙන් ඇතිවූ සංකූලතා මත කොළඹ ජාතික රෝහලට ඇතුලත්ව සිටි බව සඳහන්.
ඔහු මියගොස් ඇත්තේ ද අදාළ සංකූලතා හේතුවෙන් බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා කියසාිටියේ.
Share This Article