අගමැති ආරක්ෂක අංශයේ කිසිදු නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වී නැහැ
Sunday, 25 October 2020 - 15:46 | Views - 524
අග්‍රාමාත්‍ය කාර්යාලය, අරලියගහ මන්දිරය හෝ විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ සේවය කරන අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයේ කිසිදු නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළා.
ඒ අනුව, අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවයේ නියුතු පොලිස් නිලධාරියෙකුට කොරෝනා වෛරසය වැළදී ඇති බවට පැතිර යන පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති අතර, කොරෝනා ආසාදිත ආරක්ෂක අංශ නිලධාරියෙකු හමුවී ඇත්තේ අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට අනුබද්ධිත බාහිර ඒකකයකින් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
අග්‍රාමාත්‍යවරයා සහභාගි වන බාහිර උත්සව වල පූර්ව ආරක්ෂක කටයුතු පිළිබඳ සූදානම් කිරීම්වලට අදාළව පමණක් සම්බන්ධ වන එම නිලධාරියා, ඔක්තෝම්බර් 17 වනදා සිට සේවයට වාර්තා කර නොමැති බව ද අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සදඟන්
Share This Article