වාර්තා යහපත් වුවහොත් අලුත්ගම,බේරුවල සහ පයාගල ඇඳිරි නීතිය හෙට ඉවතට
Sunday, 25 October 2020 - 13:05 | Views - 3,184
ලැබෙන වාර්තා යහපත් වුවහොත්, අලුත්ගම, බේරුවල සහ පයාගල පොලිස් බල ප්‍රදේශවලට පනවා ඇති ඇඳිරි නීතිය හෙට උදෑසන 5 ට ඉවත් කිරීමට බලාපොරොත්තු වන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ අද(25) පස්වරුවේ ලැබෙන වාර්තා සැලකිල්ලට ගනිමින් මේ පිළිබඳව තීරණයක් ගන්නා බවයි.
මේ අතර, අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ද සතොස සහ සුපිරි වෙළඳසැල් මගින් ආහාර බෙදා හැරීමේ වැඩසටහන ද ක්‍රියාත්මක වන බවයි.
Share This Article