නිරෝධායන ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල අද නිරීක්ෂණ මෙහෙයුමක්
Sunday, 25 October 2020 - 11:31 | Views - 917
නිරෝධායන ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල සංචරණ සීමාවන් සම්බන්ධයෙන් නිරීක්ෂණයට අද (25) දිනය තුළ විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

ඔහු කියා සිටියේ කොරෝනා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතාව නිරෝධායන නීති අනුගමනය කරමින් කටයුතු කළ යුතු බවයි.

මේ අතර, නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන කටයුතු අවසන් කළ පුද්ගලයින් 240 දෙනෙකු අද නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව ඇති බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක් දැක්වෙන්නේ  මේ වනවිට පුද්ගලයින් 57,221 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති බවයි.

තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථාන 74 ක් තුළ පුද්ගලයින් 8,158 දෙනෙකු නිරෝධායනයට ලක්වෙමින් සිටිනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top