නිරෝධායන ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල අද නිරීක්ෂණ මෙහෙයුමක්
Sunday, 25 October 2020 - 11:31 | Views - 918
නිරෝධායන ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල සංචරණ සීමාවන් සම්බන්ධයෙන් නිරීක්ෂණයට අද (25) දිනය තුළ විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
ඔහු කියා සිටියේ කොරෝනා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතාව නිරෝධායන නීති අනුගමනය කරමින් කටයුතු කළ යුතු බවයි.
මේ අතර, නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන කටයුතු අවසන් කළ පුද්ගලයින් 240 දෙනෙකු අද නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව ඇති බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.
එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක් දැක්වෙන්නේ මේ වනවිට පුද්ගලයින් 57,221 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති බවයි.
තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථාන 74 ක් තුළ පුද්ගලයින් 8,158 දෙනෙකු නිරෝධායනයට ලක්වෙමින් සිටිනවා.
Share This Article