හබරන හෝටලයක සේවිකාවක් පිහිනුම් තටාකයට වැටී ජීවිතක්ෂයට
Sunday, 25 October 2020 - 11:06 | Views - 939
හබරන සංචාරක හෝටලයක පිළිගැනීමේ නිලධාරිනියක් පිහිනුම් තටාකයට ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (24) මෙම සේවිකාව ඇතුලු හෝටලයේ අනෙකුත් සේවකයන් එම පරිශ්රය පිරිසිදු කිරීමේ නිරත වී ඇති බව පොලීසිය සඳහන් කළා.
එහිදී ඔවුන් පිහිනුම් තටාකය ද පිරිසිදු කර ඇති අතර, එම අවස්ථාවේදී හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් එයට ඇද වැටීමෙන් පිළිගැනීමේ නිලධාරිනිය ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වත්තල - හැඳල ප්රදේශයේ පදිංචි 30 හැවිරිදි කාන්තාවක්.
Share This Article