විවාහ මංගල්‍යට පැමිණි තරුණයෙකුගේ මළ සිරුරක් ළිඳකින් හමුවෙයි
Sunday, 25 October 2020 - 8:12 | Views - 3,281
කිලිනොච්චිය,ධර්මපුරම්,10 වන පටුමඟ ප්‍රදේශයේ නිවසක අනාරක්ෂිත ළිඳක තිබී පාසල් දරුවෙකුගේ මළ සිරුරක් ධර්මපුරම් පොලීසිය විසින්
ඊයේ(24) සවස සොයාගෙන තිබෙනවා.
එලෙස මිය ගොස් ඇත්තේ කිලිනොච්චිය,ධර්මපුරම්,කට්ටකාඩු ප්‍රදේශයේ පදිංචි, වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරන 18 හැවිරිදි පාසල් සිසුවෙක්.
එම දරුවා මංගල සාදයක් සඳහා පැමිණ එය නිමවී නැවත නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් සිදුකළ සොයා බැලීමේදී, ඔහුගේ සිරුර මගල උත්සවය පැවතී නිවසේ ළිඳ තුළ තිබී සොයාගත් බව පොලීසිය ප්‍රකාශ කළා.
මියගිය එම සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීම සදහා මළ සිරුර කිලිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරය වෙත යොමු කර තිබෙනවා .
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය ධර්මපුරම් පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
Share This Article