කොවිඩ් මර්දන එන්නත සායනිකව අත්හදා බැලීමේදී මතුවූ සංකූලතා හේතුවෙන් තරුණයෙකු මියයයි
Saturday, 24 October 2020 - 13:30 | Views - 2,684

බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය හඳුන්වා දුන් කළ කොවිඩ් මර්දන එන්නත සායනිකව අත්හදා බැලීමේදී මතුවූ සංකූලතා හේතුවෙන් බ්‍රසීල ජාතිකයෙකු මියගොස් තිබෙනවා.
එය සැලකෙන්නේ සායනිකව අත්හදාබැලීම් සිදුකළ කොවිඩ් මර්දන එන්නතක් හේතුවෙන් ලොව සිදුවූ පළමු මරණය ලෙසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ඊට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ 28 හැවිරිදි තරුණයෙකු බවයි සඳහන් වන්නේ.
අදාළ කොවිඩ් මර්දන එන්නත නිර්මාණය කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රාසෙනිකා සමාගම සහ ඔක්ෆර්ඩ් විශ්වවිද්‍යාලය එක්වයි.
විදෙස් වාර්තා පවසන්නේ ගෝලීය වසංගතයක් මර්දනය සඳහා නිර්මාණය කළ එන්නතක් විෂ වීමෙන් ලොව සිදුවූ පළමු මරණය මෙය බවයි.
කෙසේ වෙතත්, එන්නතේ ඉදිරි සායනික අත්හදා බැලීම් අත්හිටුවීමට තම ආයතනය බලාපොරොත්තු නොවන බව ඇස්ට්‍රාසෙනිකා සමාගම නිවේදනය කරනවා.
මීට පෙරද මෙම එන්නත සායනිකව අත්හදා බැලූ පුද්ගලයෙකුට සංකූලතා මතුවූ අතර, එන්නතේ පරීක්ෂණ කටයුතුද මාසයකට ආසන්න කාලයක් අත්හිටුවා තිබුණා.
මේ අතර, චීනය දෙසින් හමාවිත් තම රටට ඇතුළුවන දූවිලි මගින් කොවිඩ් 19 ව්‍යාප්ත විය හැකි බවත්, ජනතාවට එළිමහනේ රැඳී නොසිටින ලෙසටත් දකුණු කොරියාව අනතුරු අඟවනවා.
මේ අතර ඇමරිකාවේ දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඇමරිකා එක්සත් ජනපදයෙන් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ සටහන් වූයේ නව ආසාදිතයන් 84,218 ක් හඳුනා ගැනීමත් සමඟයි.
මීට පෙර ඇමරිකාවෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක්, එනම් ආසාදිතයන් 77,299 ක් පසුගිය ජූලි 19 වනදා වාර්තා වුණා.
මේ වනවිට ඇමරිකාවේ දෛනිකව රෝහල් ගත කරන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 41,000 ඉක්මවන අතර, දෛනික මරණ සංඛ්‍යාව 800 ක් පමණ වනවා.
ඇමරිකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 8,786,000 ඉක්මවන අතර, මරණ සංඛ්‍යාව 229,000 කට අධිකයි.
Share This Article