ගාල්ල ධීවර වරායේ සේවකයෙක් හෘදයාබාදයකින් මියයයි
Saturday, 24 October 2020 - 10:26 | Views - 842
ගාල්ල ධීවර වරායේ සේවකයෙක් හෘදයාබාදයක් හේතුවෙන් මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල බටදූව ප්රදේශය පදිංචිව සිටි 61 හැවිරිදි වියේ පසුවූ අයෙකු බවයි වාර්තාවන්නේ.
අදාළ සේවකයා ඊයේ ගාල්ල ධීවර වරායේ සේවයේ නිරතව සිටියදී ඇතිවූ හෘදයාබාදයක් හේතුවෙන් කඩිනමින් රෝගල්ගතකර තිබෙනවා.
එහිදී ප්රතිකාර ලබමින් සිටියදී ඊයේ පස්වරුවේ ඔහු මෙලෙස මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.
මියගොස් ඇති පුද්ගලයාගේ සිරුරෙන් PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබාගෙන ඇති අතර දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.
Share This Article