මෙරට දෛනික වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ
Saturday, 24 October 2020 - 10:20 | Views - 556
දෛනික වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා කරමින් ඊයේ දිනයේදී අලුතින් ආසාදිතයන් 866 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 7,000 සීමාව ඉක්මවා ගිය අතර, ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7,153 ක් වනවා.

අවසන් වරට හඳුනාගත් ආසාදිතයන් 866 දෙනාගෙන් 535 දෙනෙකුම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල ආශ්‍රිත පුද්ගලයින්.

මීට අමතරව බේරුවල ධීවර වරායෙන් ආසාදිතයන් 20 දෙනෙකු, ගාල්ල ධීවර වරායෙන් ආසාදිතයන් පස් දෙනෙකුත් වාර්තා වී තිබුණා.

එමෙන්ම නිරෝධායන මධ්‍යස්ථානවලින්ද ඊයේ දිනයේදී නව කොරෝනා ආසාදිතයන් ලෙස පුද්ගලයින් 48 දෙනෙකු වාර්තාවී ඇති අතර, තවත් 257 දෙනෙකු ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.

දකුණු කොරියාවේ සිට පැමිණි පුද්ගලයෙකුද කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමඟයි මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7,153 දක්වා ඉහළ ගියේ.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදසැලේ පුද්ගලයින් රැසකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ පානදුර නගර සභා බලප්‍රදේශයේ පවතින සියළු මත්ස්‍ය අලෙවිසැල් තාවකාලිකව  වසා දැමීමට පියවර ගැනුනා.

එමෙන්ම, බේරුවල සහ ගාල්ල යන ධීවර වරායන්ද මේ වනවිට තාවකාලිකව වසා දමා ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් වාර්තාවීමත් සමඟයි.

මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි මරදාන සහ දෙමටගොඩ පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරි නීිතිය පනවා තිබෙනවා.

එය ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි.

එමෙන්ම, කළුතර දිස්ත්‍රික්කයේ පයාගල, බේරුවල සහ අලුත්ගම යන පොලිස් බල ප්‍රදේශවලටද ලබන 26 වන සඳුදා උදෑසන පහ වනතෙක් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

මීට අමතරව වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගුලවිට - උතුර, ගුලවිට - දකුණ, වෙදවත්ත, මගුරුමස්විල සහ මාකලන්දාව යන ගම්මාන ඊයේ රාත්‍රියේ සිට හුදකලා කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top