ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල දුම්රිය නතර නොකෙරේ
Saturday, 24 October 2020 - 10:02 | Views - 500
දිවයිනේ පොලිස් වසම් 49 කට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් ඇතැම් දුම්රිය ස්ථානවල දුම්රිය නතර නොකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව ප්‍රධාන මාර්ගයේ ධාවනය කෙරෙන දුම්රිය යත්තල්ගොඩ දුම්රිය ස්ථානයේ නතර කිරීමෙන් අනතුරුව නතර කෙරෙන්නේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේයී. පුත්තලම මාර්ගයේ ගමන් කරන දුම්රිය වයික්කාලෙන් පසු නොනවත්වා කොළඹ - කොටුව බලා ධාවනය වනු ඇති.
එසේම, මුහුදුබඩ මාර්ගයේ ධාවනය කෙරෙන දුම්රිය කටුකුරුන්දේ සිට බෙන්තොට දක්වා නොනවත්වා ධාවනය කෙරෙනවා.
කෙසේ වෙතත්, උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින පාසල් සිසුන්ගේ විභාග කාලසටහන් අනුව යොදවා ඇති දුම්රිය, සියලු දුම්රිය ස්ථානවල නතර කිරීමට කටයුතු කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ ඇඳිරි නීතිය බල පැවැත්වෙන ප්‍රදේශ තුළ අත්‍යවශ්‍ය සේවාවන්වල නිරත සියලු සේවකයින්ට තම රාජකාරී නිල හැඳුනුම්පත භාවිත කර අදාළ කටයුතුවල නිරත විය හැකි බවයි.
Share This Article