බාබා වංගා අනාවැකි පළ කළ, ලෝක බලවතා ගොදුරු වන අභිරහස් රෝගය කොරෝනාද?
Friday, 23 October 2020 - 16:06 | Views - 671
ගුප්ත අනාවැකි පළ කරන අන්ධ තැනැත්තියක් වන බල්ගේරියානු ජාතික "බාබා වංගා" ලෝක ප්‍රසිද්ධ චරිතයක්.
 
1911 වර්ෂයේ උපත ලැබූ ඇය 1996 අගෝස්තු 11වන දින මිය යනවා. ඇය මිය යන්නට ප්‍රථම ඉදිරි වර්ෂ සඳහා ඈ විසින් අනාවැකි පළකරමින් සටහන් තබා තිබෙනවා.

මේ වනතෙක් ඇය පැවසූ අනාවැකි වලින් 85%ක් පමණ නිවැරදි වූ බවයි සඳහන් වන්නේ. ඒ අතර ලෝක වෙළඳපොළ කඩා වැටීම, ISIS ත්‍රස්තවාදීන්ගේ නැඟී සිටීම, 9/11 ත්‍රස්තවාදී ප්‍රහාරය වැනි දේ හඳුන්වන්නට පුළුවන්.
 
මේ නිසාම වර්ෂයක් ආරම්භයේදී ඇයගේ අනාවැකි පිළිබඳව බොහෝ දෙනෙක් උනන්දුවක් දක්වනවා.
 
දැන් මේ බාබා වංගාගේ අනාවැකි නැවත කරළියට එන්න පටන් අරන්. ඒකට හේතුව වුනේ ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දිනෙක කොරෝනා වෛරසයට ගොදුරු වීම, බාබා කියපු එක් අනාවැකියක සඳහන් වුනේ, ඇමරිකානු ජනපතිවරයා මොළයේ කම්පනයකින් හා ශ්‍රවණ ආබාධයකින් පෙළෙන බවයි.
 
ඒ වගේම ඔහුගේ මරණය අබිරහස් රෝගයක් නිසා සිදුවනු බවත් එහි සඳහන් වුනා. දැන් බොහෝ දෙනෙක් කියන්නේ මේ කියන "අබිරහස් රෝගය", කොරෝනා විය යුතු බවයි.
 
හැබැයි මේ අනාවැකිය ඇය පළ කරන්නේ 2019 වර්ෂය ගැනයි. ඒ කියන්නේ දැන් මේ ගෙවෙන්නේ 2020 වර්ෂය. යම් කිසි හෙයිකින් ඇයගේ අනාවැකිය ට්‍රම්ප් විසින් පැරැද්දුවා වෙන්නත් පුළුවන්. (ඉදිරිය ගැන අපි බලාගෙන ඉමු.)
 
එපමණක් නෙවේ, ඇය රුසියානු ජනාධිපති පුටීන් පිළිබඳවද අනාවැකි පළ කර තිබෙනවා. එහිදී ඇය සඳහන් කර ඇත්තේ රුසියානු ජනාධිපතිවරයා මාරාන්තික ප්‍රහාරයකට මුහුණ දෙනු ඇති බවයි. වාසනාවකට ඔහුට එයින් දිවි ගලවා ගත හැකි බවත් ඇය පවසා තිබෙනවා. ඇයගේ අනාවැකිය අනුව පුටීන්ට මෙම මරාන්තික ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කරන්නේ ඔහුගේ සමීපතම පුද්ගලයෙක්.
 
2019 වර්ෂයේදී ආසියාව සුනාමි ව්‍යවසනයකට මුහුණ දෙන බවත් බාබා වංගාගේ අනාවැකි අතර දක්වා තිබෙනවා. එම සුනාමි ව්‍යසනය පාකිස්ථානය, ජපානය, චීනය, ඉන්දුනීසියාව, ඇලෙක්සාව වැනි රටවල්වලටද බලපානු ඇති බවයි ඇගේ අනාවැකි තුළ වැඩිදුරටත් දැක්වුනේ.
 
කොහොම වුණත්, 2004 වර්ෂයේදී ලංකාව ඇතුළුව රටවල් කිහිපයකට මෙසේ සුනාමි ඇති වූ අතර එම සුනාමිය පිළිබඳව බාබා වංගා කල්තියා අනාවැකි පළ කර තිබුණා.
 
එමෙන්ම මේ වර්ෂය තුළදී යුරෝපා ආර්ථිකය විශාල ලෙස කඩා වැටෙන බවත් ඇය විසින් සඳහන් කර තිබුණා.
 
මීට අමතරව, රුසියාවට විශාල උල්කාවක් කඩා වැටෙන බව, බාබා වංගා 2019ට අදාළ අනාවැකි අතර දක්වා ඇති බව සඳහන්.
 
දැන් ඔබට ආයෙම කියවලා බලන්න පුළුවන් බාබා වංගා ඇත්තටම මේ අනාවැකි කියවීම වරද්දගෙනද කියලා..?

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top