දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම CSN විමර්ශනවලට අදාළ සියලු ලිපි ගොනු CIDයෙන් ඉල්ලයි
Friday, 23 October 2020 - 14:33 | Views - 350
සී.එස්.එන්. නාලිකාවේ විමර්ශනවලට අදාළ සියලු ලිපි ගොනු ඉදිරිපත් කරන්නැයි දේශපාලන පළිගැනීම් පිළිබද සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට නියෝග කළා.

ඒ, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා කළ පැමිණිල්ලක් ඊයේ සළකා බැලූ අවස්ථාවේදීයි.

කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනය හෙවත් සී.එස්.එන්. නාලිකාව ආරම්භ කිරීමේදී මූල්‍ය වංචා සහ රජයේ දේපළ භාවිත කර ඇති බවට චෝදනා කරමින් යහපාලන ආණ්ඩු සමයේ දී තමා අත්අඩංගුවට ගෙන දින 45 ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම දේශපාලන බලපෑම් මත සිදු වූ බවට යෝෂිත රාජපක්ෂ මහතා ජනාධිපති කොමිසමට පැමිණිලි කර තිබුණා.

ඔහු පැවසුවේ සී.එස්.එන් නාලිකාව සම්බන්ධයෙන් ඔවුන් තමාගෙන් ප්‍රශ්න කළ නමුත් එම නාලිකාවට තමාගේ කිසිදු සම්බන්ධයක් නොතිබූ බවයි.

තමා අත්අඩංගුවට ගත් දිනයේ රාත්‍රී 7 ට පමණ තමාව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන යද්දී එහි මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ මේ වන විට වැඩ
තහනමකට ලක්ව සිටින ධම්මික හේමපාල මහතා ඔහුගේ නිල කාමාරයේ රැදී සිටී බවද යෝෂිත රාජපක්ෂ මහතා සදහන් කළා.

මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එෆ්.සී.අයි.ඩී. නිලධාරින් තමාට එරෙහි චෝදනා මහේස්ත්‍රාත්වරයා හමුවේ කියවූ බවත් එම අවස්ථාවේ නිල මැදිරියේ තිබූ දුරකථනයේ රිසිවරය පිටතින් තබා, එෆ්.සී.අයි.ඩී. නිලධාරින් වෙත හරවා තිබෙන අයුරු තමන් දුටු බවත් යෝෂිත රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඔහු පැවසුවේ, පසුව මහේස්ත්‍රාත්වරයා කිසිවෙකුට දුරකතනයෙන් අමතන ආකාරය නිරීක්ෂණය වූ බවයි.

ඒ අනුව අදාළ දිනයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරයාගේ නිල දුරකථන ඇමතුම් ඇතුළත් වාර්තාවක්ද ඉදිරි දිනක කැඳවීමට කොමිසම තීරණය කළා.

මේ අතර, සී.එස්.එන්. නාලිකාවේ හිටපු අධ්‍යක්ෂ රොහාන් වැලිවිට මහතා ද ඊයේ කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා.

රාජිත සේනාරත්න හා පාඨලී චම්පික රණවක මහත්වරුන්ගේ මැදිහත් වීමෙන් සී.එස්.එන්. සම්බන්ධව විමර්ශන සහ අත්අඩංගුවට ගැනීමේ සිද්ධීන් සඳහා මාධ්‍ය ප්‍රචාරයක් ලබාදීමේ කටයුතු සිදු වූ බව රොහාන් වැලිවිට මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

ඔහු පැවසුවේ තමා ඇතුළු පිරිස සිරගත කර සතියක් ඇතුළත එවකට අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ සාගල රත්නායක මහතා අග්‍රාමාත්‍ය
කාර්යාල ලිපි ශීර්ෂය යටතේ නිවේදනයක් නිකුත් කරමින් සී.එස්.එන්. කාර්ය මණ්ඩලය බන්ධනාගාරගත කිරීම සාධාරණීකරණය කර තිබූ බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top