20ට පක්ෂ වුණේ රට ගැන හිතලා
Friday, 23 October 2020 - 13:00 | Views - 420
තමන් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශධෝන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිත කරනු ලැබුවේ රට ගැන සිතා බව සමගි ජන බලවේගයේ උප ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ ප්‍රකාශ කළා.

මෙම පනත් කෙටුම්පත තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව කියා සිටියේ.

එහිදී සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් හැර එම පක්ෂයේ සෙසු මන්ත්‍රීවරුන් සියලු‍ දෙනා පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිත කළා.

එම  මන්ත්‍රීවරුන් වන්නේ  නසීර් අහමඩ්, ෆයිසාල් කාසීම්, එච්.එම්.එම්. හාරීස්, එම්. එස්. තවුෆික් යන අයයි.

මීට අමතරව රිෂාඞ් බදියුදීන් නායකත්වය දරණ  සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන ඉෂාක් රහුමාන්, මනෝ ගනේෂන් නායකත්වය දරණ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ අරවින්ද් කුමාර් සහ මුස්ලිම් ජාතික සන්ධානය නියෝජනය කරන අලි සබි්‍ර රහීම් යන මන්ත්‍රීවරුන් ද පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිත කිරීම විශේෂත්වයක්.

මේ අතර, ඊයේ පැවති පාර්ලිමේන්තු වාරයෙන් අනතුරුව පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් ද 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම පිලිබදව අදහස් දක්වා සිටියා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top