මුදල් කාරක සභාවේ සභාපති පත් කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
Friday, 23 October 2020 - 12:20 | Views - 500
මුදල් පිළිබඳ කාරක සභාවට බහුතර කැමැත්තෙන් සභාපතිත්වය පත්කළ යුතු බවට වන යෝජනාව බහුතර කැමැත්තෙන් අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

ඊට පක්ෂව ඡන්ද 87ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 17ක් පමණයි.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතීත්වයට යෝජනා කරන ලද සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා වෙනුවට වෙනත් රජයේ මන්ත්‍රීවරයෙකු යෝජනා කිරීමට සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන උත්සාහ කිරීමත් සමඟ අද පාර්ලිමේන්තුව ආරම්භයේදීම උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

මුදල් පිළිබඳ කාරක සභාවට බහුතර කැමැත්තෙන් සභාපතිත්වය පත්කළ යුතු බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියා සිටි අතර, විපක්ෂයට ලැබිය යුතු එකම සභාපතීත්වය වන මෙම කාරක සභාවේ සභාපතීත්වය තමන්ට ලබාදෙන ලෙස විපක්ෂ මන්ත්‍රීවරුන ඉල්ලා සිටීම හේතුවෙන් මෙම ගැටළුව උද්ගත වුණා.

ස්ථාවර නියෝග 121.1 විධිවිධාන අනුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා එම කාරක සභාවේ මන්ත්‍රීන් අතරින් කාරක සභාව විසින්ම තෝරාපත් කර ගැනීම සඳහා බහුතර කැමැත්ත විමසීමට කතානායකවරයා ඡන්ද විමසීමක් සිදු කිරීමට තීරණය කරනු ලැබුවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top