බොලිවුඩයේ සුරූපී චරිතයක් වූ කත්රිනා කයිෆ්ගේ මීළඟ චිත්‍රපටියේ වැඩ කටයුතු රටවල් 4ක සිදු කිරීමට නියමිත බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.
බොහෝ කලකට පසු නැවත වැඩ ආරම්භ කර ඇති කත්රිනා කයිෆ්ගේ මෙම නවතම චිත්‍රපටිය පිලිබදව සෑම දෙනාගේම අවධානය දිනාගෙන ඇති අතර අධ්යක්ෂවරයා මෑතකදී අනාවරණය කළේ, මෙම චිත්‍රපටය රටවල් හතරක් පුරා රූගත කරන බවයි.
තම කණ්ඩායම මේ වන විටත් ඩුබායි සහ අබුඩාබි වෙත සිටින බවත් ඔවුන් ඉතාමත්ම ඉක්මනින් ජෝර්ජියාව සහ පෝලන්තය බලා පිටත්ව යන බවත් සාෆර් මෑතකදී කළ සම්මුඛ සාකච්ඡාවකදී අනාවරණය කළේය.
Superhero චිත්‍රපටයේ, කතාව ඉන්දියාවේ කඳුකර ප්‍රදේශවල ද සිදු කරන අතර රටවල් තුන හතරක් පුරා ව්‍යාප්ත වනු ඇති බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ.
