ක්ෂය රෝග මර්දන ව්‍යාපාරයේ PCR යන්ත්‍ර 36 භාවිතයට ගන්නැයි ඉල්ලීමක්
Friday, 23 October 2020 - 9:21 | Views - 423
ක්ෂය රෝග මර්දන ව්‍යාපාරය යටතේ පවතින පී සී ආර් පරීක්ෂණ යන්ත්‍රවලින් පරීක්ෂණ 4500ක පමණ ධාරිතාවක් දෛනිකව සිදුකිරීමට හැකියාව තිබුණද මේ දක්වා එම යන්ත්‍ර ප්‍රයෝජනයට නොගන්නා බව රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් ආයතනය පවසනවා.
එහි සභාපති රවී කුමුදේශ් පෙන්වා දෙන්නේ අදාළ පී සී ආර් පරීක්ෂණ යන්ත්‍ර සඳහා අවශ්‍ය ප්‍රතික්‍රියක කට්ටල ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් දැනටමත් ලබාදී ඇතත්, මේ දක්වා ඒවා නිසි පරිදි බෙදාහැර නොමැති බවයි.
Share This Article