මෙරට වැඩිම දෛනික කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ඊයේ - 309න් 188 ක්ම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලෙන්
Friday, 23 October 2020 - 8:29 | Views - 467
මෙරට වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ ඊයේ දිනයේ පමණක් කොරෝනා ආසාදිතයින් 309 දෙනෙකු මෙරටින් වාර්තා වී ඇති බවයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 6287 දක්වා ඉහළ ගියා.

ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් 188 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලෙන් වාර්තාවී ඇති අතර, තවත් 97 දෙනෙකු ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා.

මීට අමතරව නිරෝධායන මධ්‍යස්ථානවලින් ද පුද්ගලයන් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ.

මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපලේ පෙරේදා දිනයේ සිදුකළ පී.සී.ආර්. පරික්ෂණ 1,178 කින් 350 ක පමණ ප්‍රතිඵල වාර්තා ලැබී ඇති අතර, ඉන් 250 දෙනෙකු පමණ කොරෝනා ආසාදිතයන් ලෙස තහවුරු වී තිබෙනවා.

ඒ අනුව පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලෙන් වාර්තාවන කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 300 ක් පමණ වන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ තවදුරටත් ඉල්ලා සිටියේ පසුගිය සතිය තුළ පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොළට කිසියම් කටයුත්තක් සඳහා ගමන් කළේ නම් ඒ පිළිබදව සැලකිලිමත් වන ලෙසයි.

එමෙන්ම, බේරුවල ධීවර වරාය  අද සිට නැවත දැනුම් දෙන තුරු වසා දමා ඇති බව එහි කළමනාකාරවරයා සදහන් කළා.

ඒ, බේරුවලින් පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොලට මසුන් රැගෙන ගිය ලොරි රථ රියදුරන් සහ සහයකයින් දස දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමගයි.

ඊයේ බේරුවල ධීවර වරාය පරිශ්‍රයේදී පුද්ගලයින් 100කට පමණ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබෙනවා.

මේ අතර කොරෝනා ආසාදනය වීම හේතුවෙන් අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ ජීවිතක්ෂයට පත්වූ 50 හැවිරිදි කාන්තාවගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතයි.

ඒ ඇයගේ ඥාතියෙකු පැමිණීමෙන් පසු නිරෝධායන නීතිවලට අනුකූලවයි.

කුලියාපිටිය - ඌරුපිටිය ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව පසුගිය 14 වනදා කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදී කොවිඩ් ආසාදිත බවට හඳුනාගැනුනා.

ඒ හේතුවෙන් රෝහලේ වෛද්‍යවරුන් 13 ක් සහ හෙද හෙදියන් ඇතුලුව 54 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමටයි පියවර ගනු ලැබුවේ.

මීට අමතරව ඇය නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝහලේ එක් වාට්ටුවක්ද තාවකාලිකව වසා දැමුණා.

මියගිය කාන්තාවගේ සැමියාද මේ වනවිට කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබෙනවා.

කුලියාපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් මේ වනවිට 44 දෙනෙකු වාර්තාවී ඇති අතර, එම ආසාදිතයන් වැඩිපිරිසක් එක් ආගමික නිකායකට අයත් දේව මෙහෙයකට සහභාගිවූවන් බවටයි සෞඛ්‍ය අංශ අනාවරණ කරගෙන ඇත්තේ.

මේ අතර, වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ පස්වරු 6 සිට කොටහේන පොලිස් බල ප්‍රදේශයට ද පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවා.

මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, වැල්ලම්පිටිය සහ ග්‍රෑන්ඩ්පාස් යන පොලිස් බල ප්‍රදේශවලට ඊයේ උදෑසන පොලිස් ඇඳිරි නීතිය පැනවූ අතර, එය ලබන සඳුදා අලුයම 5  දක්වා ක්‍රියාත්මකයි.

කොළඹ නැව් තටාකාංගණයෙන් ද ආසාදිතයන්  34 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, තවත් 800ක ප්‍රතිඵල ලැබීමට නියමිත බවයි කොළඹ නැව් තටාකාංගණයේ ප්‍රධාන වාණිජ නිලධාරී බෙනී ෆර්නෑන්ඩු සඳහන් කළේ.

මේ වන විට කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්තශාලා 28කින්ද ආසාදිතයන් 358 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top