ජමාල්ගේ බිරිය සවුදි ඔටුන්න හිමි කුමරුට එරෙහිව නඩු පවරයි
Friday, 23 October 2020 - 8:23 | Views - 395
මාධ්‍යවේදී ජමාල් කෂහෝගි ඝාතනය කිරීම සඳහා නියෝග කිරීමේ චෝදනාව මත කෂහෝගිගේ බිරිය සව්දි ඔටුන්න හිමි කුමරා මොහොමඞ් වින් සල්මාන්ට එරෙහිව ඇමරිකානු අධිකරණය හමුවේ නඩු පවරා ඇත. කෂහෝගිගේ බිරිය වු හැටිස්් යෙන්ගිස් මෙම නඩුව ගොනු කර ඇත්තේ වොෂින්ටන් අධිකරණය ඉදිරියේදීය.
තුර්කියේ පිහිටි සව්දි කොන්සල් කාර්යාලයේදී කෂහෝගි මරා ඔහුගේ සිරුර ඇටකටු කපන කියතකින් කපා දමා ඇති බවත් ඇය දක්වා ඇත. මෙම ඝාතනයට අදාළ තොරතුරු සීඅයිඒ සංවිධානය සොයාගෙන ඇති බවද ඇය ඉදිරිපත් කළ පැමිණිල්ලේ දක්වා තිබේ.
කෂහෝගිගේ මරණයෙන් පසු ඔහුගේ පුත්‍රයා වූ සලාස්ට සව්දි රජය වන්දි ගෙවා ඇත.
Share This Article