ඇඳිරි නීතිය ගැන තීරණය පෑලියගොඩ ආශ්‍රිතයන්ගේ PCR ප්‍රතිඵලවලට අනුවයි
Friday, 23 October 2020 - 8:02 | Views - 4,951
අද දිනයේ ලැබීමට ඇති PCR පරීක්ෂණ වාර්තාවල ප්‍රතිඵල අනුව පස්වරුව වනවිට කොරෝනා මර්ධන කමිටුව රැස්වී ඇඳිරි නීතිය පැනවීම පිළිබඳව ඉදිරි තීරණ ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

අද උදෑසන හිරු TV පත්තරේ විස්තරේ වැඩසටහනට සජීවීව එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

ඒ අනුව අද ලැබීමට නියමිත අදාළ PCR වාර්තා බහුතර ප්‍රමාණයක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ගේ බවටයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

සති අන්තයේ ඇඳිරි නීතිය පැනවීමක් සිදුකිරීමට මෙම මොහොතේ අවශ්‍යතාවක් නොමැති බවයි හමුදාපතිවරයා පවසන්නේ.

අදාළ PCR වාර්තාවලට අනුව යම්කිසි අවදානමක් ඇති ප්‍රදේශයක් වේ නම් එම ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීමට ද ගම්මානයක් වේ නම් එය හුදෙකළා කිරීමටත් නියත වශයෙන් ම කටයුතු කෙරෙන බවයි යුද හමුදාපතිවරයා පවසන්නේ.

එසේම මේ වනවිටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාවට ඉදිරි දින දෙකෙන් අනතුරුව එළඹෙන දිනයක අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ ලබාගැනීමට ඉදිරි සහනයක් ලබාදීමට බලාපොරොත්තු වන බවද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා.

මේ අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල සිටින පුද්ගලයන් සති අන්තයේ හැකිතාක් සිය නිවෙස්වලම රැඳී සිටිමින් මෙම තත්වය පාලනය කරගැනීමට සහය ලබාදෙන ලෙසයි එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top