10 දෙනෙකුට කොරෝනා - බේරුවල ධීවර වරාය නැවත දැනුම්දෙනතුරු වැසේ
Friday, 23 October 2020 - 7:57 | Views - 510
කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් 10 දෙනෙකු හඳුනාගනීමත් සමඟ බේරුවල ධීවර වරාය නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කළ බව එහි කළමනාකරු පැවසුවා.
මෙලෙස කොරෝනා ආසාදනය වී ඇත්තේ බේරුවල ධීවර වරායේ සිට පෑලියගොඩ මත්ස්‍ය වෙලදපොළ වෙත මසුන් රැගෙන ගිය ලොරි රථ රියදුරන් හා සහායක පුද්ගලයින් 10 දෙනෙකුට බවයි සඳහන් වන්නේ.
ඊයේ දිනයේ බේරුවල ධීවර වරාය පරිශ්‍රයේදී පුද්ගලයන් 100 දෙනෙකු සඳහා සිදුකල PCR පරීක්ෂණවලදීයි මේ බව අනාවරණ වී ඇත්තේ.
Share This Article