“20ට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ රජයෙන් ප්රතිලාභ බලාපොරොත්තුවෙන් නොවේ” - මන්ත්‍රිනි ඩයනා කියයි
Thursday, 22 October 2020 - 23:20 | Views - 1,685
20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ, රජයෙන් කිසිදු ප්‍රතිලාභයක් අපෙක්ෂාවෙන් නොවන බව සමගි ජන බලවේගයේ මන්ත්‍රිනි ඩයනා ගමගේ සඳහන් කරනවා.
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට දෙවනවර කියවීම සහ තුන්වන වර කියවීම සංශෝධන සහිතව තුනෙන් දෙකේ බහුතරයකින් අද දිනයේ සම්මත වුණා.
ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගය නියෝජනය කරන ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සහ නසීර් අහමඩ්, ෆයිසාල් කාසිම්, එච්.එම්.එම්. හාරිස් සහ එම්. එස්. තවුෆික් යන විපක්ෂ මන්ත්‍රීවරුන් අදාළ පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයක්.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්ද විමසන අවස්ථාවේදී සභා ගැබේ සිටියේ නැහැ.
Share This Article