UPDATE: විස්ස තුන්වන වර කියවීම බහුතර ඡන්දයෙන්, සංශෝධන සහිතව සම්මත වෙයි - 20ට පක්ෂ වූ සමඟි ජන බලවේගයේ ඩයනා ගමගේට එරෙහිව විනය ක්‍රියාමාර්ග
20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ සමඟි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිනී ඩයනා ගමගේට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා.
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට දෙවනවර කියවීම සංශෝධන සහිතව තුනෙන් දෙකේ බහුතරයකින් අද (22) සම්මත වුණා.
ඒ, අනුව ඊට පක්ෂව ඡන්ද 156ක් හිමි වූ අතර විපක්ෂව හිමිවුණේ ඡන්ද 65ක් පමණයි.
UPDATE: විස්ස තුන්වන වර කියවීම බහුතර ඡන්දයෙන්, සංශෝධන සහිතව සම්මත වෙයි
20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කියවීම, තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන්, සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
එයට පක්ෂව ඡන්ද 156ක් සහ විපක්ෂව ඡන්ද 65ක් හිමි වුණා.