දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ යළිත් PCR පරීක්ෂණ
Thursday, 22 October 2020 - 17:55 | Views - 336
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ අද (22) දිනයේදී යළි පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබෙනවා.
ඒ අනුව ආර්ථික මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 100 දෙනෙකු අහඹු ලෙස තෝරාගෙන පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර, කොරෝනා වෛරසය වැළැක්වීම සඳහා ගෙන ඇති පියවරක් ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අද (22) සිට එළඹෙන 29 වන දා දක්වා තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය සඳහන් කළේ මෙම කාලය තුළ කල් ඉකුත් වන ආදායම් බලපත්‍ර නැවත ලබා ගැනීමේදී ලබන මස 15 වන දා දක්වා දඩ මුදල් අය නොකරන බවයි.
Share This Article