කෝටිපති ව්‍යාපාරික බිරිඳ පැදවූ මෝටර් රථයට පැන්න, මත් වූ සැමියා මරුට
Thursday, 22 October 2020 - 14:04 | Views - 2,070
පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී කෝටිපති ව්‍යාපාරික බිරිඳ පැදවූ මෝටර් රථයට පැන ස්වාමිපුරුෂයා මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇති 42 හැවිරිදි පුද්ගලයා කලක සිට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි අයෙකු බවයි කහතුඩුව පොලිසිය කියා සිටියේ.
මේ හේතුවෙන් දෙදෙනා අතර කලක සිට අඩදබර සිදුව තිබෙනවා.
ඊයේ දිනයේද සැමියා බිරිඳගෙන් මුදල් ඉල්ලා කරදර කර ඇති අතර පසුව බිරිඳ ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා කහතුඩුව පොලීසිය වෙත ගොස් තිබෙනවා.
එලෙස ගොස් යළි නිවසට සිය මෝටර් රථයෙන් පැමිණෙමින් සිටියදී මත්ද්‍රව්‍ය පානය කර සිටි මොහු වෙළකුඹුර මාර්ගයේ දෙවන බෝක්කුව අසලදී එම රථයට පැන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් බිරිඳ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන මස 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
Share This Article