රුසියානු වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ කොරෝනා එන්නත ලබන මාසයේ එළියට
Thursday, 22 October 2020 - 13:57 | Views - 1,411
කොවිඩ් 19 වෛරසයට එරෙහිව රුසියාව විසින් නිෂ්පාදිත ස්පූන්ටික් වී නම් වූ එන්නත ලබන මාසයේ මුල සිට ආසාදිතයින්ට ලබාදීම ආරම්භ කරන බව රුසියාව පවසනවා.
ඒ අනුව ප්‍රථමයෙන් වෛද්‍යවරුන්ට සහ ගුරුවරුන්ට මෙය ලබාදීමට නියමිතයි.
පසුගිය අගෝස්තු මාසයේදී මෙම එන්නත සඳහා රුසියානු රජය විසින් අනුමැතියි ලබා දී තිබුණා.
මෙලෙස වෛරසයට එරෙහිව පළමු එන්නත තම රට විසින් නිෂ්පාදනය කිරීම ආඩම්බරයට කරුණක් බවයි රුසියානු රජය පවසන්නේ.
Share This Article