බම්බලපිටිය පොලීසියේ 4දෙනෙකුත් නිරෝධායනයට
Thursday, 22 October 2020 - 11:42 | Views - 549
පෑලියගොඩ මත්ස්‍ය වෙළදසැලෙන් මාළු මිලදී ගැනීම සඳහා ගිය බම්බලපිටිය පොලිස් ස්ථානයේ නිළධාරීන් 4 දෙනෙකු ද නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.
මේ අතර, පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොළ පරිශ්‍රයේ ඊයේ දිනයේ පී.සී.ආර්. පරීක්ෂණ 1186ක් පමණ සිදුකර ඇති අතර, පුද්ගලයන් 500කට වැඩි පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.
කෙසේ වෙතත්, මතස්‍ය වෙළඳසැලෙන් මාළු රැගෙන යාම සඳහා වෙළඳපොළට පැමිණි පුද්ගලයන්ට නිවෙස්වල ස්වයං නිරෝධායනය වන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.
Share This Article