දරුණු වායු දූෂණයට ලක්ව ළදරුවන් වැඩිම සංඛ්‍යාවක් මිය යන රට
Thursday, 22 October 2020 - 11:30 | Views - 585

ඉන්දියාවේ අලූත උපන් ළදරුවන් එක් ලක්ෂ දාසයදාහකට (116,000) අධික සංඛ්‍යාවක් පසු ගිය වසරේදී (2019) එරට පවතින දරුණු වායු දූෂණයට නිරාවරණය වීම් හේතුවෙන් ඉපදී පළමු මාසය සම්පූර්ණ වූ පසු මිය ගොස් ඇති බව අලූතින්ම නිකුත් කර ඇති ”ස්ටේට් ඔෆ් ග්ලෝබල් එයාර් -2020” වාර්තාවේ දැක්වේ.
මෙම වාර්තාවට අනුව වාර්ෂිකව ලොව දරුණු වායු දූෂණයට නිරාවරණය වීමෙන් වැඩිම ළදරුවන් සංඛ්‍යාවක් මිය යන රට බවට ඉන්දියාව නම් කර ඇති අතර එසේ ළදරුවන් වැඩි සංඛ්‍යාවක් මිය යන දෙවැනි රට ලෙස නයිජීරියාවත් (67,900), තෙවැනි රට ලෙස පකිස්තානයත් (56,500) සිවුවැනි රට ලෙස ඉතියෝපියාවත් (22,900), පස් වැනි රට ලෙස කොංගෝ රාජ්‍යයත් (1200) නම් කර තිබේ.
මෙම වාර්තාවට අනුව මෙසේ දරුණු වායු දූෂණයට නිරාවරණය වී මිය යන ළදරුවන් වායු දූෂණයට ලක් වනුයේ මවගේ කුසෙහි සිටියදී වන අතර ඔවුන් වැඩි වශයෙන් මීතේන් වායුවට නිරාවරණය වන බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
මෙම වාර්තාව අලූත උපන් ළදරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වයට දරුණු වායු දූෂණය බලපාන ආකාරය පිළිබඳව විශ්ලේෂණය කෙරෙන ප‍්‍රථම වාර්තාව ලෙස සැලකෙන අතර ඇමරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය බලපෑම් ආයතනය හා ගෝලීය රෝග පිළිබඳ ආයතනය විසින් මෙය ඊයේ (21) නිකුත් කර තිබේ.
Share This Article