විසිවන ව්‍යවස්ථා සංශෝධනය ගැන විවාදය දෙවන දිනටත් ඇරඹෙයි
Thursday, 22 October 2020 - 10:36 | Views - 264
විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන විවාදය දෙවන දිනටත් පාර්ලිමේන්තුවේදී ආරම්භ වී තිබෙනවා.
පස්වරුවේ ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති.
මේ අතර, අදාළ ඡන්ද විමසීම රහස් ඡන්දයක් ලෙස පවත්වන්නැයි මාර්තු 12 ව්‍යාපාරය කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එසේ කළහොත් ජනතා නියෝජිතයින්ට හෘද සාක්ෂියට එකඟව 20 වන සංශෝධනයට ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්දය ලබාදිය හැකි බවයි එම ව්‍යාපාරය පෙන්වා දෙන්නේ.
මේ අතර, 20 වන සංශෝධනයට එරෙහිව අද දිනයේත් විරෝධතා සිදුකරන බවයි සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර කියා සිටියේ.
එමෙන්ම, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සම්පාදනය කිරීම වෙනුවෙන් අදහස් ලබා ගැනීම ආරම්භ කර තිබෙනවා.
අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.ටී.කේ. මායාදුන්නේ කියා සිටියේ ඕනෑම භාෂාවකින් ඊට අදාළ අදහස් යොමු කළ හැකි බවයි.
ඒ අනුව නොවැම්බර් 30 වන දිනට හෝ එදිනට පෙර අදාළ යෝජනා යොමු කළ හැකියි.
Share This Article