බ්‍රිතාන්‍ය අධිකරණයකින් එල්.ටී.ටී.ඊ. තහනම ඉවත්කරයි
Thursday, 22 October 2020 - 9:24 | Views - 303
බ්‍රිතාන්‍යය තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය තවදුරටත් ත්‍රස්ත සංවිධානයක් නොවන බවට එරට අධිකරණයක් මගින් නියෝගයක් ලබාදී තිබෙනවා.

බ්‍රිරතාන්‍යයේ තහනම් සංවිධාන සම්බන්ධයෙන් සිදුකෙරෙන අභියාචනා කොමිසම අධිකරණයට කරනු ලැබූ කරුණු දැක්වීමට අනුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමට ත්‍රිපුද්ගල කොමිසමක් පත් කෙරුණු අතර එම කොමිසම සිය කරුණු දැක්වීම මගින් ප්‍රකාශ කර ඇත්තේ බ්‍රිරතාන්‍යය තුළ තවදුරටත් එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක් ලෙස නම් කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.

පසුගිය වසර 10 තුළ එල්.ටී.ටී.ඊ.ය කිසිදු ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් සිදුකර නොමැති බැවින් එම සංවිධානය තහනම් කිරීමෙන් සියලු‍ ද්‍රවිඩ ජනතාවගේ දේශපාලන ක්‍රියාකාරකම් කඩාකප්පල් වී ඇති බවට අභියාචනයක් ලැබී තිබුණා.

අදාළ අභියාචනය ගොනු කරනු ලැබුවේ දෙමළ ඊලාම් සංක්‍රාන්තික රාජ්‍ය නම් සංවිධානයක් විසිනුයි.

කෙසේ වෙතත්, මේ පිළිබඳව බ්‍රිරතාන්‍ය රජයෙන් නිල නිවේදනයක් මෙතෙක් නිකුත් කර නැහැ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top