වසරක් පැරණි අධිශීත කළ නූඩ්ල්ස් අනුභව කළ චීන පවුලක නව දෙනෙක් මරුට
Thursday, 22 October 2020 - 9:18 | Views - 826
වසරක පමණ කාලයක් අධිශීතකරණයේ තැන්පත් කර තිබූ නිවසේ තැනූ නූඞ්ල්ස් වර්ගයක් අනුභව කළ චීනයේ වයඹදිග ප්රදේශයේ පිහිටි ”හෙයිලෝන්ග්ජියැන්ග්” ප්රාන්තයේ ”ජික්සි” නගරයේ වෙසෙන එකම පවුලේ සාමාජිකයන් නව දෙනෙකු ඒවා විෂ වීමෙන් පසුගියදා මිය ගොස් තිබේ. මෙම පිරිස මෙසේ මිය ගොස් ඇත්තේ චීනයේ ජනප්රිය ”සුවන්ටන්ග්සි” නමැති ඉරිඟුවලින් තැනූ පරණ නූඞ්ල්ස් විශේෂයක් ආහාරයට ගැනීම හේතුවෙන් බව වාර්තා වී තිබේ.
මොවුන් ඉකුත් ඔක්තෝබර් මස 05 වැනිදා උදෑසන ආහාරය සඳහා මෙම නූඞ්ල්ස් අනුභව කර ඇති අතර එයට දින කිහිපයකට පසු ඔක්තෝබර් 10 වැනිදා රෝගාතුර වූ පවුලේ සාමාජිකයන් 07 දෙනෙකු මිය ගොස් ඇති අතර ඉකුත් 12 වැනිදා තවත් එක් සාමාජිකයෙකු හා ඉකුත් සඳුදා (19) අදාළ නූඩ්ල්ස් අනුභව කළ පවුලේ අවසන් සාමාජිකයා රෝගාතුරව මිය ගොස් තිබේ.
මෙම සිද්ධිය අනාවරණය වී ඇත්තේ එම විෂ වූ නූඞ්ල්ස් අනුභව කිරීම ප්රතික්ෂේප කළ පවුලේ ළමුන් තිදෙනකු විසින් බලධාරීන්ට ඒ පිළිබඳව පැමිණිලි කිරීමත් සමගිනි.
Share This Article