වසරක් පැරණි අධිශීත කළ නූඩ්ල්ස් අනුභව කළ චීන පවුලක නව දෙනෙක් මරුට
Thursday, 22 October 2020 - 9:18 | Views - 827
වසරක පමණ කාලයක් අධිශීතකරණයේ තැන්පත් කර තිබූ නිවසේ තැනූ නූඞ්ල්ස් වර්ගයක් අනුභව කළ චීනයේ වයඹදිග ප‍්‍රදේශයේ පිහිටි ”හෙයිලෝන්ග්ජියැන්ග්” ප‍්‍රාන්තයේ ”ජික්සි” නගරයේ වෙසෙන එකම පවුලේ සාමාජිකයන් නව දෙනෙකු ඒවා විෂ වීමෙන් පසුගියදා මිය ගොස් තිබේ. මෙම පිරිස මෙසේ මිය ගොස් ඇත්තේ චීනයේ ජනප‍්‍රිය ”සුවන්ටන්ග්සි” නමැති ඉරිඟුවලින් තැනූ පරණ නූඞ්ල්ස් විශේෂයක් ආහාරයට ගැනීම හේතුවෙන් බව වාර්තා වී තිබේ.
 
 මොවුන් ඉකුත් ඔක්තෝබර් මස 05 වැනිදා උදෑසන ආහාරය සඳහා මෙම නූඞ්ල්ස් අනුභව කර ඇති අතර එයට දින කිහිපයකට පසු ඔක්තෝබර් 10 වැනිදා රෝගාතුර වූ පවුලේ සාමාජිකයන් 07 දෙනෙකු මිය ගොස් ඇති අතර ඉකුත් 12 වැනිදා තවත් එක් සාමාජිකයෙකු හා ඉකුත් සඳුදා (19) අදාළ නූඩ්ල්ස් අනුභව කළ පවුලේ අවසන් සාමාජිකයා රෝගාතුරව මිය ගොස් තිබේ.
 
 මෙම සිද්ධිය අනාවරණය වී ඇත්තේ එම විෂ වූ නූඞ්ල්ස් අනුභව කිරීම ප‍්‍රතික්ෂේප කළ පවුලේ ළමුන් තිදෙනකු විසින් බලධාරීන්ට ඒ පිළිබඳව පැමිණිලි කිරීමත් සමගිනි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top