කොළඹ මැනිං වෙළඳපොළ දින 4කට වසා දමයි
Thursday, 22 October 2020 - 8:13 | Views - 332
කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ ඇතිව තිබෙන තත්ත්වය සලකා බලා අද උදෑසන 10ට ලබන සඳුදා උදෑසන දක්වා කොළඹ මැනිං වෙළදපොළ තාවකාලිකව වසා දමා ඇති බව එහි වෙළඳ සංගමය පවසනවා.  

කහවත්ත - මාදම්පේ මාළු වෙළඳසැල අද දිනයේ වසා දැමීමට තීරණය කර තිබෙනවා.

මෙම මාළු වෙළදපොළට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට ලොරි රථවලින් මාළු රැගෙන එන වෙළෙදුන් සිටින බැවින් ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ලෙස මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් 4ක් හුදෙකලා ගම්මාන ලෙස නම් කර තිබෙනවා.

මීට අමතරව පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ එක් ග්‍රාම නිලධාරී වසමක් ද හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කිරීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අගලවත්ත, ගොරක්ගොඩ, බේරගම, දාපිලිගොඩ සහ කැකුලන්දර - උතුර යන ග්‍රාම නිලධාරී වසම් මෙලෙස හුදෙකලා කර තිබෙනවා.

පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බෙල්ලන ග්‍රාම නිලධාරී වසම ද හුදෙකලා කර ඇති බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ.

මේ අතර, දැනට ඇඳිරි නීතිය ක්‍රියාත්මක ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට රජය විසින් ලබාදෙන රුපියල් 5000ක දීමනාව අගලවත්ත ප්‍රදේශයේ කොරෝනා වෛරසය හේතුවෙන් අපහසුතාවට පත්ව සිටින ජනතාවට ද ලබාදිය යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පාර්ලිමේන්තුවේ දී ඊයේ ප්‍රකාශ කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top