කංජිපානිට ජංගම දුරකථන ලබාදීමට තැත් කිරීමේ නඩුව කඩිනම් කරන්න
Wednesday, 21 October 2020 - 17:28 | Views - 510
බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ට ජංගම දුරකථන ලබාදීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද(21)පොලීසියට නියෝග කළා.

ඒ, ඊට අදාළ නඩුව කැදවූ අවස්ථාවේදියි.

පසුගිය සැප්තැම්බර් මස 12 වන දාට යෙදී තිබූ සිරකරු සුබසාධක දිනය නිමිත්තෙන් රැදවියන් බැලීමට පැමිණි අවස්ථාවේදී කංජිපානිගේ පියා ඇතුළු ඔහුගේ ඥාතීන් 6 දෙනෙකු කෑම බඳුනක සූක්ෂම අයුරින් ජංගම දුරකථන දෙකක් බන්ධනාගාරය වෙත රැගෙන යාමට උත්සාහ දරා තිබුණා.

කෙසේ වෙතත්, බන්ධනාගාර නිලධාරීන් විසින් ඒ පිළිබදව කරුණු අනාවරණ කර ගැනීමෙන් අනතුරුවයි ඔවුන් අත්අඩංගුවට ගෙන නඩු පවරනු ලැබුවේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top